• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස සම්මුතියේ පැරිස් ගිවිසුමට අනුකූලව වසර 2030 වන විට බලශක්ති ක්ෂේත්‍රයේ හරිතාගාර වායු විමෝචනය අවම කිරීම
- වර්ෂ 2015 දී පැරිස් නුවර පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබඳ රාමුගත සම්මුතියෙහි පාර්ශ්වකරුවන්ගේ 21වන සමුළුවේදී සම්මත කරගත් පැරිස් ගිවිසුමට ශ්‍රී ලංකාව ද අත්සන් තබා ඇත. ඒ අනුව, 2030 වසර වන විට බලශක්ති උත්පාදන ක්ෂේත්‍රයේ හරිතාගාර වායු විමෝචනය 2020 වසරේ විමෝචනයට සාපේක්ෂව 20%කින් අඩු කිරීමට ශ්‍රී ලංකාව බැඳී සිටියි. එම තත්ත්වය සැලකිල්ලට ගෙන 2020-2030 දශකය තුළ බලශක්ති උත්පාදනය සඳහා පුනර්ජනනීය නොවන ප්‍රභවයන්ගෙන් යුත් විදුලි බලාගාර ඉදිකරන්නේ නම් පරිසර සංරක්ෂණය හා මහජනතාවගේ සෞඛ්‍ය සුරක්ෂිතතාව, හරිතාගාර වායු විමෝචනය යනාදිය කෙරෙහි විශේෂ සැලකිල්ලක් දැක්වීමේ හා එම කාර්යයෙහිලා ජාතික පාරිසරික නීති රීතිවලට අවනත වෙමින් විද්‍යාත්මක පරිසර ඇගයිම් ක්‍රියාවලියක් තුළින් ලබා දෙන නිරීක්ෂණ හා නිර්දේශ මත පදනම්ව පමණක් තීන්දු තීරණ ගැනීමේ වැදගත්කම පිළිබඳව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කළ කරුණු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.