• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
2016 වසරේදී ඇතිවූ ගංවතුර තත්වය නිසා හානියට පත්වූ නිවාස වෙනුවෙන් වන්දි පිරිනැමීම
- 2016 වසරේදී ඇති වූ ගංවතුර තත්ත්වය නිසා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හානියට පත් වූ මෙතෙක් හානිය තක්සේරු කර නොමැති එක් නිවාස ඒකකයකට රුපියල් 20,000/- බැගින් වන කරුණා සහගත දීමනාවක්, කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් විසින් නිර්දේශ කොට ඇති නිවාස ඒකක 8,879ක් වෙනුවෙන්, රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍යාංශය මඟින් ගෙවීමටත් ඒ සඳහා අවශ්‍ය වන ප්‍රතිපාදන එම අමාත්‍යාංශය වෙත සලසා දීම පිණිසත්, ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.