• Increase font size
  • Default font size
  • Decrease font size

2019-08-06 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා රජය සහ නේපාල රජය අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයන්හි ඇතිකර ගනු ලබන අවබෝධතා ගිවිසුම
- සමානාත්මතාවය සහ අන්‍යෝන්‍ය ප්‍රතිලාභය පදනම් කරගනිමින් හා විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රයේ සහයෝගිතාවයන් ස්ථාපනය කිරීම අරමුණු කරගනිමින්, ශ්‍රී ලංකා රජය සහ නේපාල රජය අතර විද්‍යා තාක්ෂණ හා නවෝත්පාදන ක්ෂේත්‍රය පිළිබඳ අවබෝධතා ගිවිසුමට එළඹීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.