• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දෙද්දූව ප්‍රදේශයේ ඒකාබද්ධ සංචාරක සංවර්ධන ව්‍යාපෘතියක් සංවර්ධනය කිරීම
- රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය හරහා සංචාරක ගමනාන්තයක් ලෙස දෙද්දූව ප්‍රදේශය සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව, යෝජිත සංවර්ධන ව්‍යාපෘතියේ මහා පරිමාණය සැලකිල්ලට ගනිමින් විශාල ව්‍යාපෘති සඳහා අභිලාශය ප්‍රකාශ කිරීමේ ලේඛන පිළියෙළ කිරීම සම්බන්ධයෙන් ගනු දෙනු උපදේශන සේවා පළපුරුද්දක් සහිත දේශීය හෝ ජාත්‍යන්තර උපදේශන ආයතනයක සේවය ලබාගැනීමට හා එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ගෙන් අභිලාශය ප්‍රකාශ කිරීම සහ ව්‍යාපාරික යෝජනා කැඳවීම පිණිස, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා; ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමා; සහ වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.