• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දකුණු මාර්ග සම්බන්ධතා ව්‍යාපෘතිය - ණය අංක 3027 SRI - ණය මුදලේ ප්‍රතිපාදනය නොකරන ලද කොටස සහ ඉතිරිවීම් භාවිත කරමින් අතිරේක මාර්ග කොටස් පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම
- දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරු ස්ථාන 03ක් හා සම්බන්ධ වන ජාතික මහාමාර්ග 5ක් වැඩිදියුණු කිරීම සඳහා වන දකුණු මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ පිරිවැය දැරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 75ක ණය මුදලක් ලබා දී ඇත. එම ණය මුදල යටතේ අදහස් කර ඇති වැඩ නිමකළ පසු ආසන්න වශයෙන් රුපියල් මිලියන 4,300ක මුදලක් ඉතිරිවන බවට ගණනය කර ඇත. ඒ අනුව, විධිමත් ක්‍රියාමාර්ග අනුගමනය කරමින් එම ඉතිරිවන ණය මුදල් යොදා ගනිමින් අතිරේක මාර්ග කොටස් පුනරුත්ථාපනය කිරීම හා වැඩිදියුණු කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.