• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි සහ ශ්‍රී ලංකා රජරට යන විශ්වවිද්‍යාලවල ඉදිකිරීමට නියමිත ගොඩනැඟිලි සඳහා කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම
- අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ කොළඹ කාර්යාලය සඳහා පස් මහල් ගොඩනැඟිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 252ක මුදලකට කළගෙඩිහේන, නුවර පාරේ, නො. 32හි කේ.එස්.ජේ. කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිසත් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය හා සමාන්තර විද්‍යාපීඨය සඳහා යෝජිත පැරා සායනික ගොඩනැඟිල්ල ඉදිකිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව රුපියල් මිලියන 767ක මුදලකට කොළඹ 14, මාදම්පිටිය පාර, නො. 295 හි සන්කෙන් කන්ස්ට්‍රක්ෂන්ස් පුද්ගලික සමාගම වෙත ප්‍රදානය කිරීම පිණිසත් වැඩබලන නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.