• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මූලික ව්‍යවස්ථා ඒකාබද්ධ කිරීම - දණ්ඩ නීති සංග්‍රහය සඳහා සංශෝධන
- යටත් විජිත සමයේ පනවනු ලැබ අවස්ථා කිහිපයකදී සංශෝධනය වී ඇති දණ්ඩ නීති සංග්‍රහයේ ඇතැම් වචන හා යෙදුම් 1972 ජනරජ ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසුව වර්තමානයට නොගැළපෙන ඒවා බවට පත් වී ඇත. එසේ යල් පැන ගිය ඇතැම් වචන හා යෙදුම් වෙනුවට වර්තමානයට උචිත වචන හා යෙදුම් ආදේශ කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිසත්, අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.