• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ රැස්වීමේ (CLMM) සත්කාරක රට ලෙස කටයුතු කිරීම - 2019
- පොදු රාජ්‍ය මණ්ඩලයේ නීති අමාත්‍යවරුන්ගේ රැස්වීම ශ්‍රී ලංකාවේ පැවැත්වීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව 'යුක්තියට සමාන ප්‍රවේශයක් සහ නීතියේ ආධිපත්‍ය' යන්න තේමා කරගනිමින් එම රැස්විම සංවිධානය කොට පැවැත්විම සඳහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.