• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාව හ‍ා නෙදර්ලන්තය අතර ද්වීපාර්ශ්වික ගුවන් සේවා ගිවිසුම
- 2018 වර්ෂයේදී කෙන්යාවේ නයිරෝබිහිදී පැවති ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සම්මුති සාකච්ඡා සමුළුවේදී ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර ගුවන් සේවා කටයුතුවලට අදාළ ක්‍රියාමාර්ග පිළිබඳව එකඟතාවයකට එළඹී ඇති අතර, දෙරට අතර ගුවන් සේවා ගිවිසුම සඳහා කෙටිසන් තබා ඇත. එමඟින් දක්වා ඇති ගුවන් මාර්ගයේ ශ්‍රී ලංකාව වෙත හා ශ්‍රී ලංකාවේ සිට ගමන් කිරීමට නෙදර්ලන්තයේ KLM Royal Dutch ගුවන් සේවය හා ශ්‍රී ලංකන් ගුවන් සේවය නම් කර ඇත. ඒ අනුව, ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්ත රාජධානිය අතර මූලික සාකච්ඡාවලදී නිලධාරී මට්ටමින් එකඟ වී ඇති ගුවන් සේවා ගිවිසුමට එළඹීම පිණිසත් එකී ගිවිසුම ඵලදායි ලෙස ක්‍රියාත්මක කිරීමට සුදුසු පියවර ගැනීමටත් පිණිසත්, ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.