• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
වාරිමාර්ග ව්‍යාපාර, නිර්මිත සහ ගංඟා ඇළ දොළ සඳහා වාරි රක්ෂිත සංශෝධනය කිරීම හා ප්‍රතිස්ථාපිත කිරීම
- වාරිමාර්ග ව්‍යාපාර නිසි ආකාරව පවත්වාගෙන යෑමට අවශ්‍ය වන වාරි රක්ෂිත ආරක්ෂා කිරීමේ අවශ්‍යතා හඳුනා ගැනීමට හා ඒ පිළිබඳ ස්ථිරසාර වැඩපිළිවෙළක් යෙදීම කෙරෙහි අවධානය යොමු වී ඇති අතර, දැනට බලපවත්නා වාරි රක්ෂිත සංශෝධනයට ලක් කොට අනාගත අවශ්‍යතා සඳහා ගැළපෙන සීමාවන් හඳුනා ගෙන ඇත. ඒ අනුව, වාරිමාර්ග ව්‍යාපාර, නිර්මිත සහ ගංඟා, ඇළ දොළ සඳහා යෝජිත නව රක්ෂිත හා සංරක්ෂිත බිම් සීමාවන් නීතිපතිවරයාගේ එකඟත්වය මත, වත්මන් වාරිමාර්ග ආඥාපනතට අදාළ නියෝග ලෙස ගැසට් නිවේදනයක් මඟින් ප්‍රකාශයට පත් කිරීමටත්, ඉන් අනතුරුව එම නියෝග පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිසත් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.