• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) හා එක්සත් රාජධානියේ ජලශාස්ත්‍රීය කාර්යාලය (UKHO) අතර වන අවබෝධතා ගිවිසුම සඳහා අනුමැතිය ලබාගැනීම
- ශ්‍රී ලංකාවේ මුහුදු කලාපය හරහා ගමන් ගන්නා නෞකා ආරක්ෂාකාරීව ගමන් කිරීම සඳහා යාවත්කාලීන කරන ලද නාවික තොරතුරු සැපයීම සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ ජලශාස්ත්‍රීය කාර්යාලය සමඟ වර්ෂ 2002 දී ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹ ඇති අතර දැනට වලංගුව පවතින්නේ එම ගිවිසුම සඳහා 2005 වර්ෂයේදී සිදුකර ඇති සංශෝධනය වේ. තවද, ජාතික ජල සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිතායතනය විසින් විද්‍යුත් නාවික සිතියම් නිපදවීම සහ බෙදා හැරීම සඳහා ද එක්සත් රාජධානියේ ජලශාස්ත්‍රීය කාර්යාලයට වර්ෂ 2013 දී ගිවිසුමක් මඟින් බලය ලබා දී ඇත. එම ගිවිසුම් සමාලෝචනය කර මුද්‍රිත හා විද්‍යුත් නාවික සිතියම් නිපදවීම, බෙදා හැරීම සඳහා වන බලතල ශ්‍රී ලංකාවට ලබා ගැනීමට හැකිවන පරිදි සම්ම්ත නාවික සිතියම්, විද්‍යුත් නාවික සිතියම් සකස් කිරීම හා බෙදා හැරීම සඳහා වන ගිවිසුම් සංශෝධනය කිරීම පිණිස, කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.