• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකාවේ සීනි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා 'උක් බෝගය' ප්‍රධාන වැවිලි බෝගයක් වශයෙන් නම් කිරීම
- ශ්‍රී ලංකාවේ වත්මන් සීනි පරිභෝජනය වාර්ෂිකව මෙට්‍රික් ටොන් 670,000ක් වන අතර එම අවශ්‍යතාවයෙන් 91%ක් සපුරා ගනු ලබන්නේ ආනයනය කිරීම මඟිනි. ඒ සඳහා වර්ෂයකට වැය වන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 350ක් පමණ වේ. තවද, 2020 වනවිට දේශීය සීනි අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 700,000 දක්වා වැඩිවනු ඇති බවට අපේක්ෂා කරන අතර එම අවශ්‍යතාව සපුරාලීමට හැකිවන පරිදි උක් වගා කිරීම සඳහා මොනරාගල, මඩකළපුව, කිලිනොච්චිය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, අම්පාර, බදුල්ල හා පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල ඉඩම් හෙක්ටයාර 104,000ක් පමණ හඳුනා ගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වැවිලි බෝගයක් වශයෙන් 'උක් බෝගය' ද නම් කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.