• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
හෝමාගම, පිටිපන, මාහේන වත්තෙහි පිහිටි ඉඩම් කොටස් මිනුම් ඒකක ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුව, අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙත වෙන් කර දීම
- නාගරික සංවර්ධන අධිකාරිය විසින් විද්‍යා හා තාක්ෂණ ආශ්‍රිත සංවර්ධන කටයුතු නංවාලීම සඳහා හා ඒ ආශ්‍රිත ආයතන ස්ථාපිත කිරීම පිණිස හෝමාගම, පිටිපන, මාහේන වත්ත ප්‍රදේශයේ පිහිටි හෙක්ටයාර් 34.0ක පමණ භූමි ප්‍රමාණයක් අත්පත් කරගෙන ඇත. එම ඉඩම්වලින් ජාතික මිනුම් පර්යේෂණාගාරයක් ස්ථාපිත කිරීම සඳහා මිනුම් ඒකක, ප්‍රමිති සේවා දෙපාර්තමේන්තුව වෙතත් පෙළපොත් ගබඩා සංකීරණයක් ඉදිකිරීම සඳහා අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව වෙතත් පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙතත් දත්ත මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා ශ්‍රි ලංකා ටෙලිකොම් ආයතනය වෙතත් ඉඩම් කොටස් ලබාදීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.