• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතික සමුපකාර ප්‍රතිපත්තිය
- යෝජිත ජාතික සමූපකාර ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් මහජන අදහස් ලබාගැනීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, ඉදිරිපත් වී ඇති අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන සකස් කර ඇති සංශෝධිත ජාතික සමූපකාර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පිණිස, වැඩබලන කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීනව අවතැන්වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.