• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ගබඩා කිරීමට ධාන්‍ය ගබඩා 02ක් ඉදිකිරීම
- ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම සතුව දැනට පවතිනුයේ මෙට්‍රික් ටොන් 1,200ක ධාරිතාවක් ඇති කුඩා ගබඩාවක් පමණි. ඒ අනුව, ත්‍රිපෝෂ හා සුපෝෂ නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා බඩඉරිඟු හා සෝයා බෝංචි අස්වැන්නේ අතිරික්තයක් පවතින අවස්ථාවලදී එම අමුද්‍රව්‍ය ගබඩා කර ගැනීමට හැකිවන පරිදි අවශ්‍ය ගබඩා ඉඩකඩ පහසුකම් සලසා ගැනීම සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමේ අරමුදල් යොදවා මෙට්‍රික් ටොන් 4,000 බැඟින් වන ධාරිතාවයෙන් යුත් ගබඩා දෙකක් ඉදිකිරීම පිණිස, සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.