• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1982 අංක 41 දරන ජාතික සත්ත්වෝද්‍යාන පනත සංශෝධනය කිරීම
- 1982 අංක 41 දරන ජාතික සත්ත්වෝද්‍යාන පනත ජාතික සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ වර්තමාන කාර්යභාරයට සහ ආයතනික ව්‍යුහයට ගැළපෙන පරිදි සංශෝධනය කළ යුතු බව පෙනී ගොස් ඇත. ඒ අනුව, විතැන් (ස්වභාවික පරිසරයෙන් බාහිරව) සත්ත්ව සංරක්ෂණ කටයුතු සහ සත්ත්ව අභිජනන වැඩසටහන් පර්යේෂණාත්මකව සිදු කිරීමට පවතින නෛතික සීමාකාරී බව ඉවත් කරමින් වර්තමාන හා යෝජිත නව ක්‍රියාකාරකම්වලට උචිත වන පරිදි 1982 අංක 41 දරන ජාතික සත්ත්වෝද්‍යාන පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කිරීම පිණිස, සංචාරක සංවර්ධන, වනජීවී සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.