• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-30 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම
- විශේෂිත පිංකම් හා චාරිත්‍ර සමඟින් පොසොන් උත්සවය, ජාතික උත්සවයක් ලෙස පැවැත්වීමේදි ඇති වන දුෂ්කරතාවයන් අවම කිරීම සඳහා දැනට ලබා දෙන රාජ්‍ය අනුග්‍රහයට සාපේක්ෂව ඉහළ දායකත්වයක් රජය විසින් ලබා දීම අවශ්‍යවන බව නිරීක්ෂණය වී ඇත. ඒ අනුව, මිහින්තලය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් පොසොන් සතිය හා මිහින්තලා පෙරහැර ජාතික උත්සව ලෙස ප්‍රකාශයට පත් කිරීමටත් මිහින්තලය පොසොන් පෙරහැර සඳහා වාර්ෂිකව ප්‍රතිපාදන සලසා දීමටත් බුද්ධශාසන හා වයඹ සංවර්ධන අමාත්‍යාංශය මඟින් අවශ්‍ය කටයුතු සිදු කිරීම පිණිස, ගරු අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.