• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
දකුණු කොළඹ වරාය සංවර්ධනය සඳහා නැඟෙනහිර බහළු පර්යන්තයට නෞකාවේ සිට වෙරළ දක්වා මෙහෙයුම් කරන දොඹකර සහ ගැන්ට්‍රි දොඹකර ප්‍රසම්පාදනය කිරීම
- දකුණු කොළඹ වරායේ නැඟෙනහිර බහළු පර්යන්තය සංවර්ධනය සඳහා සහයෝගය දැක්වීම පිණිස ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර සහයෝගිතා ගිවිසුමකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත එළඹ ඇත. දකුණු කොළඹ වරායේ නැඟෙනහිර බහළු පර්යන්තය මෙහෙයුම් තත්ත්වයට පත් කිරීම සඳහා අවශ්‍ය වන දොඹකර 06ක් සහ විදුලිබලයෙන් ක්‍රියා කරන රබර් ටයර් යෙදූ ගැන්ට්‍රි දොඹකර 18ක් මිලදී ගෙන ස්ථාපිත කළ යුතුව ඇත. ඒ අනුව, මෙම සහයෝගිතා ගිවිසුමේ විධිවිධානවලට අනුකූල වන පරිදි මෙම බහළු මෙහෙයුම් උපකරණ මිල දී ගැනීම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.