• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ උතුරු පළාතේ (PIC 04) ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහ‍ා වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම
- ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සපයනු ලබන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ ඉදිකිරීම් අධීක්ෂණය, කොන්ත්‍රාත් කළමනාකරණය සහ අනෙකුත් ක්‍රියාත්මක කිරීමේ ක්‍රියා කාරකම් ද ඇතුළත්ව උතුරු පළාතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා වන උපදේශක සේවා කොන්ත්‍රාත්තුව M/s MG Consultants (Pvt.) Ltd (Sri Lanka) in joint venture with Engineering Consultants (Pvt.) Ltd (Sri Lanka) වෙත ඇමරිකානු ඩොලර් මිලියන 2.37ක් සහ රුපියල් මිලියන 791.5ක මුදලකට ප්‍රදානය කිරීම පිණිස, මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.