• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ITMIS පද්ධතිය රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්මේන්තු තුළ ස්ථාපනය කිරීම
- ක්‍රියාත්මක කරන ලද නියමු ව්‍යාපෘති 02 හි සාර්ථකත්වය මත සියලුම අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ විශේෂ වියදම් ආයතන තුළ දැනට භාවිතා කෙරෙන CIGAS පද්ධතිය වෙනුවට ඒකාබද්ධ භාණ්ඩාගාර මෙහෙයුම් තොරතුරු පද්ධතියක් (ITMIS) ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.
මෙම පද්ධතිය සඳහා FreeBalance Inc. සමාගම විසින් නිපදවා ඇති මෘදුකාංගයක් භාවිතා කරනු ලැබ ඇති අතර එම මෘදුකාංගය භාවිතා කිරීමේදී තවදුරටත් සිදු කළයුතු දියුණු කිරීම් සහ වින්‍යාස වෙනස්කම් සිදු කරගත හැක්කේ මෙම සමාගම හරහා පමණි. ඒ අනුව ITMIS පද්ධතිය සෑම රාජ්‍ය ආයතනයකම ස්ථාපනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කළ ප්‍රසම්පාදන කමිටුවක් හා අමාත්‍ය මණ්ඩලය පත් කළ තාක්ෂණික ඇගයීම් කමිටුවක් පත් කිරීමටත් එම කමිටුවල නිර්දේශ අනුව FreeBalance Inc. සමාගම වෙතින් එම සේවාවන් ලබා ගැනීමත් පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.