• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාතිය ගොඩනැගීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත
- ඉදිකිරීම්, සංචාරක සේවා, මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තය හා ඇතැම් පිරිසැකසුම් කර්මාන්තවලට අදාළව බදු සහන සැලසිමත් දුම්වැටි නිෂ්පාදනය ජාතිය ගොඩනැඟිමේ බද්දට යටත් කිරීමද ඇතුළුව ජාතිය ගොඩනැඟීමේ බද්දට අදාළව 2019 අයවැය මඟින් යෝජනා කරන ලද සංශෝධන බලාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිපාදන ඇතුළත් කර 2009 අංක 9 දරන ජාතිය ගොඩනැඟීමේ බදු පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති ජාතිය ගොඩනැඟීමේ බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා සහ ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.