• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත
- වැට් බද්දට අදාළව 2019 වර්ෂය සඳහා වූ අයවැය යෝජනාවල සඳහන් කරන ලද ඇතැම් සංශෝධන ක්‍රියාත්මක කිරීම සදහා ද, දේශීය ඉදිකිරීම් කර්මාන්තය මෙන්ම දේශීය අමුද්‍රව්‍ය යොදා ගන්නා ඇතැම් දේශීය කර්මාන්ත දිරි ගැන්වීම සඳහා ද 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත සංශෝධනය කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබිණි. එකී අනුමැතිය පරිදි නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කර ඇති එකතු කළ අගය මත බදු (සංශෝධන) පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ ඉන් අනතුරුව පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.