• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
තල් අරමුදල ස්ථාපිත කිරීම
- ශ්‍රී ලංකාවේ ප්‍රතිසන්ධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා 2019 අයවැය මඟින් රුපියල් බිලියන 15.25ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙහිදී අනුමත කරන ලද යෝජනා අතරට උතුරු හා නැඟෙනහිර පළාත්වල යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ට තිරසර අන්දමින් සංවර්ධන ප්‍රතිලාභ ලැබෙන බව තහවුරු කිරීම අරමුණු කරගනිමින් 'තල් අරමුදල' නමින් ස්වාධීන අරමුදලක් පිහිටුවීමට ඇතුළත් විය. අධික ලෙස මත්පැන් සඳහා ඇබ්බැහිවීම, මත්ද්‍රව්‍ය භාවිතය නිසා ඇති වන පීඩාව, තරුණ විරැකියාව තුරන් කිරීම ආදී කරුණු උදෙසා සිවිල් සමාජය විසින් ආරම්භ කරන ලද උපදේශන සහ සහායක වැඩසටහන්වලට සහාය වීමද මෙම අරමුදලේ අරමුණ වේ. උක්ත අරමුණු වෙනුවෙන් වසර දෙකක කාලයක් තුළ වැය කිරීම සඳහා රුපියල් බිලියන 5ක මුදලක් වෙන් කර ඇති අතර, උතුරු හා නැඟෙනහිර පළාත්වල සංවර්ධන කටයුතු සඳහා මෙම අරමුදල මඟින් ප්‍රතිපාදන ලබා දීමට අපේක්ෂිතය. ඒ අනුව 'තල් අරමුදල' නමින් වන ස්වාධීන ආයතනයක් පිහිටුවීම සඳහා අවශ්‍ය නීති කෙටුම්පත් සම්පාදනය කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබාදිම පිණිස මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.