• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය ස්ථාපිත කිරීම
- තරුණ තරුණියන් සමාජ සේවා කටයුතු සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා දිරි ගැන්වීම මෙන්ම ඔවුන් අතර නායකත්වය හා පෞරුෂ සංවර්ධනය තුළින් කණ්ඩායම් හැඟීම් ජනිත කිරීම යුගයේ අවශ්‍යතාව වී ඇත. එබැවින් විනය ගරුක හා කුසලතාවලින් පිරිපුන් ශ්‍රී ලාංකීය තරුණ ප්‍රජාවක් ගොඩනැඟිම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ජාතික තරුණ ස්වේච්ඡා සේවය ස්ථාපිත කිරීම පිණිස ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම් හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.