• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-23 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ත්‍රස්තවාදය මැඩපැවැත්වීම සඳහා සාධනීය නෛතික රාමුවක් හඳුන්වාදීම
- මිනිසුන් ත්‍රස්තවාදීන් වීම වැළැක්වීම අරමුණු කර ගනිමින් ඉදිරියේදී ත්‍රස්තවාදී කණ්ඩායම් ඇතිවීම වැළැක්වීම සඳහා නව නෛතික ක්‍රියාමාර්ග හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවක් වන බැවින්, තාවකාලික සීමා කිරීම් නියෝග, ත්‍රස්තවාදය දිරිගැන්වීම තහනම් කිරීම හා නම් කරන ලද විදේශීය ප්‍රදේශයක සිටීම සහ ජෛවමිතික දත්ත පාලනය වැනි ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ගරු අග්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇත. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එක්සත් රාජධානිය ඇතුළු වෙනත් රටවල මේ සම්බන්ධව ඇති නීති පිළිබඳව අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් යුතු අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.