• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත සඳහා අනුමැතිය ලබා ගැනීම
- අපනයනය අරමුණු කරගත් විශේෂ ආර්ථික කලාප පිහිටුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දකුණු ප්‍රදේශයේ සංවර්ධන කටයුතු වේගවත්ව ක්‍රියාත්මක කිරීම සඳහා 'රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථාව' පිහිටුවීමට තීරණය කර ඇත. ඒ සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සම්පාදනය කර ඇති රුහුණු ආර්ථික සංවර්ධන සංස්ථා පනත් කෙටුම්පත රජයේ අතිවිශෙෂ ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ ඉන් අනතුරුව එම කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.