• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කාන්තා උපකාරක දුරකථන සේවාව සඳහා ඒකාබද්ධ වේදිකාවක් ස්ථාපනය කිරීම
- කාන්තාවන්ට එරෙහි සියලු ආකාරයේ වෙනස්කම්, කාන්තා අයිතීන් උල්ලංඝණය කිරීම්, අතවර කිරීම් හා සියලු ආකාරයේ අපවාදාත්මක අවස්ථා පිළිබඳ පැමිණිලිවලට සහාය සහ සහනය සැලසීමේ අරමුණින් යුතුව, දුරකථන අංක 1938 ඔස්සේ ක්‍රියාත්මක වන කාන්තා උපකාරක දුරකථන සේවාවක් ස්ථාපිත කර ඇත. රට පුරා සිටින කාන්තාවන්ට පැය 24 පුරා කඩිනම් හා හදිසි ප්‍රතිචාර ලබා දීමට මෙම දුරකථන සේවය වැඩිදියුණු කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව හිංසන හා අතවර පිළිබඳව අදාළ බලධාරීන්ට ප්‍රවේශම් සහගත හා ආරක්ෂාකාරී අයුරින් වාර්තා කිරීම පිණිස ජංගම දුරකතන පාදක කරගත් ඒකාබද්ධ වේදිකාවක් ස්ථාපනය කිරීම සඳහා කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන ඇමතිතුමිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.