• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ අඹේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය A006 මාර්ගය හා කුරුණෑගල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය සම්බන්ධ කිරීමට නව පිවිසුම් මාර්ගයක් ඉදිකිරීම
- රජයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් වන මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන II වන කොටස භාවිතා කරන මහජනතාවට A006 මාර්ගයට ඇතුළුවීමට හා පිටවීමට පහසුකම් සැලසීමටත් වාහන තදබදය අවම වන පරිදි කුරුණෑගල ප්‍රධාන නගරය මඟ හරවා යෑමට අවස්ථාව සැලසෙන පරිදි මධ්‍යම අධිවේගී මාර්ගයේ කුරුණෑගල අන්තර් හුවමාරු ස්ථානය හරහා අඹේපුස්ස - කුරුණෑගල - ත්‍රිකුණාමලය A006 මාර්ගය වෙත සම්බන්ධතාවය ලබා දීම පිණිස කිලෝමීටර 1.1ක දිගින් යුත් නව සම්බන්ධතා මාර්ගයක් ඉදි කිරීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.