• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සාක් කලාපීය රටවල සුළු පරිමාණ ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘතිය
- සුළු පරිමාණ ගොවීන්ගේ ජීවන මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් 'සුළු පරිමාණ කෘෂි ව්‍යාපාරයන්හි අගයදාම සංවර්ධනය තුළින් සාක් කලාපීය රටවල සුළු පරිමාණ ගොවීන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවිමේ ව්‍යාපෘතිය' ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා යෝජනා වී ඇත. ඒ අනුව එම ව්‍යාපෘතිය සාක් සංවර්ධන අරමුදලේ සහ දේශීය අරමුදල්වල දායකත්වය මත ක්‍රියාත්මක කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.