• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත සංශෝධනය කිරීම
- පොහොර ආනයනය, නිෂ්පාදනය, සකස් කිරීම, බෙදා හැරීම විධිමත් කිරීම හා ඊට ආනුශාංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස 1988 අංක 68 දරන පොහොර විධිමත් කිරීමේ පනත සම්මත කරනු ලැබ ඇති අතර එකී පනතේ විධිවිධාන වර්තමාන අවශ්‍යතාවයන්ට ගැළපෙන අයුරින් සංශෝධනය කළ යුතු බවට හඳුනාගෙන ඇත. ඒ අනුව පොහොර විශ්ලේෂණය කළ යුතු ක්‍රියා පටිපාටිය, ඒ සඳහා වූ රසායනාගාර සහාය ලබාගැනිම, පොහොර ප්‍රමිතිකරණය හා සහතිකකරණය, දණ්ඩන මුදල් සංශෝධනය හා නියෝග පැනවිය හැකි ක්ෂේත්‍ර දැක්වීම ආදී කරුණු මූලික කර ගනිමින් පොහොර විධිමත් කිරීමේ පනත සඳහා සංශෝධනයන් නීති කෙටුම්පත් සම්පාදක මඟින් කෙටුම්පත් කිරීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.