• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පහළ මල්වතු ඔය ජලාශ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම
- රජයේ ඒකාබද්ධ අරමුදල් යොදා ගනිමින් පහළ මල්වතු ඔය ජලාශය ඉදිකිරීම් ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එම ව්‍යාපෘතිය මෙම වර්ෂයේදී ආරම්භ කිරීමට හැකිවන පරිදි ප්‍රතිපාදන සලසා ගැනිම පිණිස කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.