• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය - ග්‍රාමීය මූල්‍යකරණ සංරචකය ක්‍රියාත්මක කිරීම හා පොලී සහනාධාරය ලබාගැනීම
- කෘෂිකර්මය සඳහා වූ ජාත්‍යන්තර අරමුදලේ ආධාර හා දේශීය අරමුදල්වල දායකත්වය මත කුඩා තේ හා රබර් වතු පුනර්ජීවන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ගිවිසුම්ගතව ඇත. මෙම ව්‍යාපෘතියේ ප්‍රධාන සංරචකයන් වනුයේ තේ නැවත වගාව හා රබර් නව වගාව වේ. තේ නැවත වගාව සිදු කිරීමේදී වයස් සීමාව ඉක්මවූ එහෙත් දලු නෙළන වගාවන් ගලවා ඉවත් කරන බැවින් නැවත වගා කරන තේ පැළ දලු නෙලන අවස්ථාව දක්වා වර්ධනය වන තෙක් වගාකරුවාට අහිමි වන ආදායම යම් ලෙසකින් ආවරණය කරගැනිම සඳහාත් රබර් නව වගාවේ කිරි කපන අවස්ථාව වන තෙක් වගාකරුවන්ට යම් ආදායමක් උපයා ගැනීම සඳහාත් ස්වයං රැකියාවකට හෝ කෙටි කාලීන ආදායම් උත්පාදනයකට යොමු කිරීමට 'ග්‍රාමීය මූල්‍යකරණ සංරචකයක්' ව්‍යාපෘතියට ඇතුළත් කර එය ක්‍රියාත්මක කිරීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.