• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1895 අංක 6 දරන නිළ ඇඳුම් ආඥා පනත පරිච්ඡින්න කර නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම
- සිවිල් අයවළුන් විසින් නිළ ඇඳුම් ඇඳීම සීමා කිරීම හා විධිමත් කිරීම සඳහා 1895 අංක 6 දරන නිළ ඇඳුම් ආඥාපනත පනවනු ලැබ ඇත. එහෙත් හමුදා නිළ ඇඳුම්වලට සමාන නිළ ඇඳුම් ළඟ තබා ගැනීමේ අවස්ථා හා පුද්ගලයින් විසින් විලාසිතාවක් ලෙස හමුදා කැලෑ ඇඳුම්වලට සමාන වර්ණයන්ගෙන් යුතු ඇඟළුම් භාවිතා කිරීමේ ප්‍රවණතාවයක් නිරීක්ෂණය වී ඇත. එම තත්ත්වය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ඉතා අයහපත් ලෙස බලපාන බැවින්, එය වැළැක්විම සඳහා පවතින නීති, කාලීන අවශ්‍යතාවයට ගැළපෙන පරිදි සැකසීමේ කඩිනම් අවශ්‍යතාවය හඳුනාගෙන ඇත. ඒ අනුව, වර්තමානයේ උද්ගතව ඇති අභියෝගවලට මුහුණ දීම සඳහා නීතිමය ප්‍රතිපාදන හඳුන්වාදීම පිණිස 1895 අංක 6 දරන නිල ඇඳුම් ආඥා පනත පරිච්ඡින්න කිරීමට හා නිල ඇඳුම් පනත සඳහා වූ නව පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීමට ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.