• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ උපද්‍රවකාරී රැකියා ලැයිස්තු ගැසට් පත්‍රයේ නියෝග ප්‍රතිශෝධනය කිරීම
- 1956 අංක 47 දරන ස්ත්‍රීන්, තරුණ අය සහ ළමයින් සේවයේ යෙදවීමේ පනත යටතේ 2010 වසරේ පනවන ලද නියෝග මඟින් අවුරුදු 18ට අඩු තරුණ අයට උපද්‍රවකාරීවන්නා වූ සේවා අවස්ථා 51ක් හඳුනා ගෙන ඇත. එහෙත් මේ වන විට සේවය කරන වටපිටාව සැලකිය යුතු අන්දමින් වෙනස් වී ඇති අතර ළමුන් සඳහා උපද්‍රවකාරී විය හැකි සහ ඔවුන්ගේ කායික, මානසික සහ සදාචාරත්මක සංවර්ධනයට බාධා කළ හැකි විවිධ රැකියා අවස්ථා 77ක් හඳුනාගෙන ඇත. ඒ අනුව, 2019 වසරේ යෝජිත උපද්‍රවකාරී රැකියා නියෝග පාර්ලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කිරීමට සහ එම අනුමැතිය ලද පසු අදාළ නියෝග රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම පිණිස, අමාත්‍ය මණ්ඩලයේ නොවන කම්කරු හා වෘත්තීය සමිති සබඳතා අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.