• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය
- වාර්ෂිකව සිදු කෙරෙන ඡන්දහිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීමේ කාර්යයේදී එකී නාම ලේඛනය සහතික කිරීමෙන් පසු සහ ඊළඟ වාර්ෂික ඡන්ද හිමි නාම ලේඛන ප්‍රතිශෝධන කටයුතු අරඹන තෙක් වූ කාලය තුළ වයස අවුරුදු 18 සම්පූර්ණ කරනු ලබන සහ සෙසු අවශ්‍ය සුදුසුකම් සපුරනු ලබන යෞවනයන්ටද ඡන්දය භාවිතා කිරීමට අවකාශ සලසනු පිණිස 1980 අංක 44 දරන ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත භාෂාත්‍රයෙන් රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සඳහා සහ ඉන් අනතුරුව එකී පනත් කෙටුම්පත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.