• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
බ්‍රසීලයේ සාවෝ පාවූලෝ පර්යේෂණ පදනම සහ ශ්‍රී ලංකාවේ ජාතික විද්‍යා පදනම අතර පර්යේෂණ සහයෝගිතා ගිවිසුම
- ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම සහ බ්‍රසීලයේ සාවෝ පාවූලෝ පර්යේෂණ පදනම තම රටවල විද්‍යා ක්ෂේත්‍රය සඳහා අරමුදල් යොදවන ප්‍රමුඛ පෙළේ ආයතන වන අතර, එම ආයතනයන්හි පර්යේෂකයින් අතර විද්‍යාත්මක සහ තාක්ෂණික සහයෝගිතාවය ක්‍රියාත්මක කිරීම අරමුණු කරගනිමින් දෙපාර්ශ්වය අතර පර්යේෂණ සහයෝගිතා ගිවිසුමකට එළඹෙනු පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.