• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-19 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මූලික පර්යේෂණ පිළිබඳ රුසියානු පදනම සහ ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම අතර විද්‍යාත්මක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම
- ශ්‍රී ලංකාව හා රුසියාව අතර විද්‍යා, තාක්ෂණ හා නවෝත්පාදනය පිළිබඳ අදහස්, තොරතුරු සහ කුසලතා හුවමාරු කරගනු පිණිස අතිරේක අවස්ථා සපයාදීම සහ දෙරටෙහි පර්යේෂකයින්ගේ සහයෝගිතා ක්‍රියාකාරකම් සඳහා සහාය ලබාදීමට දෙපාර්ශ්වය අතර සහයෝගිතා සබඳතාවක් ස්ථාපනය කරගැනීම අරමුණු කර ගනිමින් මූලික පර්යේෂණ පිළිබඳ රුසියානු පදනම සහ ශ්‍රී ලංකා ජාතික විද්‍යා පදනම අතර විද්‍යාත්මක සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹෙනු පිණිස අමාත්‍ය මණ්ඩලයේ නොවන විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යතුමාගේ ඉල්ලීම පරිදි අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.