• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
කැලණිය සිට අරුවක්කාලු දක්වා ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා බහාලුම් පෙට්ටි ප්‍රසම්පාදනය
- ජාතික ගැට‍‍ලුවක්ව පවතින නාගරික ඝන අපද්‍රව්‍ය ගැටලුව විසඳීමේ අරමුණින් ක්‍රියාත්මක කිරීමට නියමිත අරුවක්කාලුහි නාගරික ඝන අපද්‍රව්‍ය සනීපාරක්ෂන භූමි පිරවුම් කසල බැහැර කිරීමේ විසඳුම ක්‍රියාවට නැංවීම සඳහා කැලණිය සිට අරුවක්කාලු තෙක් ඝන අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා අවශ්‍ය බහාලුම් පෙට්ටි සැපයීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි M/s Dongfang Electric International Corporation වෙත පිරිනැමීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.