• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නිදන්තග වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දු පෙරන ක්‍රියාවලිය නිවසේදීම සිදු කිරීමට පහසුකම් සැලසීම
- හේතුව හඳුනා නොගත් නිදන්ගත වකුගඩු රෝගය සහ නිදන්ගත වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දු පෙරන භාවිතා කරමින් නිවසේදීම කාන්දු පෙරීම සිදු කිරීම සඳහා නියමු ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. 2019 අයවැය මඟින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වෙන් කරනු ලැබ ඇත. වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කිරීම සඳහා සහ වඩාත් හොඳ ජීවන තත්ත්වයක් අත්කර දීම සඳහා මෙම ක්‍රියාවලිය දායක වන බව නිරීක්ෂණය වී ඇත. එබැවින් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර සාකච්ඡා කමිටුවේ නිර්දේශය පරිදි මෙම ව්‍යාපෘතිය එක් රෝගියෙකු සඳහා මසකට රුපියල් 103,740/-ක මුදලකට සීමා සහිත ලුසෙන්සියා හෙල්ත් කෙයාර් පුද්ගලික සමාගම මඟින් ක්‍රියාත්මක කිරීමට වසර 08ක කාලයක් සදහා ගිවිසුමකට එළඹීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.