• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ නිරීක්ෂණ වාර්තාව
- අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති විසින් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන ලද නිරීක්ෂණ වාර්තාව අමාත්‍ය මණ්ඩලයේ අවධානය පිණිස ඉදිරිපත් කරන ලද අතර, එම කාරක සභාව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ අධ්‍යයනය කර අමාත්‍ය මණ්ඩලය වෙත වාර්තා කිරීම පිණිස මුදල්; නගර සැලසුම්, ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන; ජාතික ඒකාබද්ධතා, ‍රාජ්‍ය භාෂා, සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු; සහ සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍යවරුන්ගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් තීරණය කරන ලදී.