• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කයන්හි නායයෑ‍මේ අධි අවදානම් ප්‍රදේශවල පෙරසවි ආපදා ප්‍රත්‍යාස්ථික නිවාස ඉදි කිරීම
- හදිසි ආපදා තත්ත්වයන්ගෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා පරිත්‍යාගශීලින්ට මුදල් බැර කිරීම පිණිස ලේකම්, ආපදා කළමනාකරණ අමාත්‍යාංශය නමින් ගිණුමක් විවෘත කරන ලද අතර, 2019 මාර්තු 31 දින වන විට මෙම ගිණුමෙහි රුපියල් මිලියන 294.72ක ශේෂයක් වාර්තා වී තිබේ. දිවයිනපුරා නායයෑමේ හා ගංවතුර ආපදා හේතුවෙන් නැවත පදිංචි කළ යුතු හා ආපදා අධි අවදානමක් ඇති කලාපවල වෙසෙන පවුල් සඳහා පෙරසවි ආපදා ප්‍රත්‍යාස්ථික නිවාස 10,000ක් ඉදි කිරීම සඳහා චීනයේ ක්‍රියාත්මක ආයතනයක් විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමත කරනු ලැබ ඇත. ඒ යටතේ රත්නපුර හා කළුතර දිස්ත්‍රික්කවල නියමු ව්‍යාපෘතියක් ලෙස ඉදි කිරීමට නියමිත නිවාස 400ක් අතුරින් නිවාස 230ක් ඉහත ගිණුමේ පවතින අරමුදල් භාවිත කර ඉදි කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.