• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනය කිරීම සඳහා නුවරඑළියේ කේබල් කාර් ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම
- දෙස් විදෙස් සංචාරකයින්ගේ ඉහළ ආකර්ශනයක් සහිත නුවරඑළිය ප්‍රදේශය මෙරට උච්ඡත්වයෙන් ඉහළම ස්ථානයක පිහිටා තිබීම හා සුන්දර පරිසරයකට හිමිකම් කීම හේතුවෙන් එම ප්‍රදේශය සඳහා වන සංචාරක ආකර්ශනය තවදුරටත් ඉහළ නැංවීමේ පියවරක් ලෙස නානුඔය සිට සිංගල් ට්‍රී කන්ද හා ග්‍රෙගරි වැව දක්වා කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා සීමාසහිත අවුට්ඩෝර් ඉංජිනියරින් ලංකා පුද්ගලික සමාගම හා එහි විදේශීය හවුල්කරුවන් වන ඩොපෙල්මේ කේබල් කාර් සමාගම විසින් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබ ඇත. ඒ අනුව ඇමරිකානු ඩොලර් මිලියන 50ක පමණ ආයෝජනයක් යටතේ නානුඔය දුම්රිය ස්ථානය, නුවරඑළිය තුරඟ තරඟ පිටිය හා සිංගල් ට්‍රී කඳු මුදුන යා කරමින් කුළුණු 21ක් මත ගොඩනැගීමට යෝජිත මෙම ව්‍යාපෘතිය මගීන් 10කට ගමන් කළ හැකි කුටි 86කින් සමන්විත වන අතර එහි පළමු අදියර ‍යටතේ කුටි 43ක් ස්ථාපිත කිරීමට සැලසුම් කරනු ලැබ ඇත. ඒ අනුව මෙම ව්‍යාපෘතිය ආයෝජන මණ්ඩලයේ ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස වැවිලි කර්මාන්ත අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.