• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා පහසුකම් සලසන කාර්යය බලකාය කමිටුවක් පිහිටුවීම
- පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ස්ථාපනය කිරීමට සහ මේ සඳහා පෞද්ගලික මූල්‍යයනය යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ කටයුතු භාර ගැනීම සඳහා සුදුසු ආයෝජකයින් වෙතින් අභිලාෂ ප්‍රකාශ කිරීම් (EOI) කැඳවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබුණි. මෙම ව්‍යාපෘතියේ සැලසුම අවසන් කිරීම සඳහා විසඳා ගත යුතු සංකීර්ණ ගැටලු කිහිපයක් පවතී. තාක්ෂණික හා මූල්‍ය ශක්‍යතා අධ්‍යයන සහ ක්‍රියාත්මක කිරීමේ උපයාමාර්ගය අවසන් කිරීමට හා එකී ගැටලු සඳහා මැදිහත් වී තීරණ ගැනීමට පිටකොටුව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ කාර්ය බලකාය ලෙස කටයුතු කිරීමට ප්‍රධාන කමිටුවක් පත් කිරීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.