• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
මානසික සෞඛ්‍ය සේවාවන් ශක්තිමත් කිරීම
- මෙරට ජනගහන ව්‍යුහය හා රෝග හේතුවෙන් ඇතිවන බලපෑම වෙනස් වෙමින් පවතින අතර එම තත්ත්වයන්ට මුහුණදීම සඳහා සෞ‍ඛ්‍ය සේවා සැපයීමේ පද්ධතිය ප්‍රතිව්‍යුහගත කළයුතුව ඇත. වර්තමානය වන විට මෙරට ජනගහනයෙන් 10%ක් පමණ කිසියම් වූ මානසික රෝගයකින් පෙලෙන බවත් ඔවුන් අතරින් 40%ක් පමණක් ප්‍රතිකාර ලබා ගන්නා බවත් හඳුනාගනු ලැබ ඇති අතර මානසික රෝග පිළිබඳ ගැටලු අනාගතයේදී වැඩිවන බවට උපකල්පනය කරනු ලැබ ඇත. මෙම කරුණු සැලකිල්ලට ගෙන නිරෝගී ජනතාවක් බිහිකිරීමේ අරමුණින් මානසික සෞඛ්‍ය සේවාවන් වර්ධනය කිරීමට රජයේ අවධානය යොමු වී ඇත. ඒ අනුව, රුපියල් මිලියන 503ක පිරිවැයක් යටතේ මහනුවර ශික්ෂණ රෝහලේ නව මානසික ප්‍රතිකාර ඒකක සංකීර්ණය සහ රුපියල් මිලියන 213.8ක පිරිවැයක් යටතේ හලාවත දිස්ත්‍රික් මහ රෝහල සඳහා මානසික ප්‍රතිකාර ඒකකය ඉදි කිරීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.