• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ජාත්‍යන්තර විදුලි සංදේශ ක්‍රියාකරු බද්ද සඳහා වන රෙගුලාසි
- 2019 අයවැය ‍මගින් යෝජනා කර ඇති පරිදි දේශීය ගාස්තු මත ගෙවිය යුතු බදු අනුපාතය 2019 ජුනි 01වන දින සිට ඉවත් කිරීමටත් ලැබෙන ජාත්‍යන්තර ඇමතුම් මත ගෙවිය යුතු බදු, විශේෂිත දුරකථන අංක සඳහා ලැබෙන ජාත්‍යන්තර ඇමතුම් මත ගෙවිය යුතු බදු, ල‍ැබෙන දේශීය ප්‍රවේශ ගාස්තු වශයෙන් වූ බදු බෙදාහැරීමේ අනුපාතය, විදුලි සංදේශ සංවර්ධන ගාස්තුව වශයෙන් වූ බෙදාහැරීමේ අනුපාතය හා ලබා ගන්නා දේශීය ප්‍රවේශ ගාස්තු මත ගෙවිය යුතු බදු අනුපාතය සඳහා වන වලංගු කාලය දීර්ඝ කිරීමටත් 2004 අංක 11 දරන මුදල් පනතේ ප්‍රතිපාදන ප්‍රකාරව 2019 මැයි මස 14 දිනැති 2123/19 දරන ගැසට් පත්‍රය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.