• Increase font size
  • Default font size
  • Decrease font size

2019-07-02 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම
- ශ්‍රී ලංකාවේ පරිසරය සම්බන්ධයෙන් සියලුම අංශ ජාතික මට්ටමින් සම්බන්ධීකරණය කිරීමට අවශ්‍ය පුළුල් නීතිමය රාමුවක් සකස් කිරීමේ අරමුණින් නීති ගත කර ඇති 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත වර්තමානයට ගැළපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙනු ලැබ ඇත. මෙම සංශෝධනයේදී තවදුරටත් අවධානය යොමු කළ යුතු උපද්‍රවකාරී අපද්‍රව්‍ය ජනනය වන භාණ්ඩ සම්බන්ධ නිෂ්පාකදයාගේ විස්තීර්ණ වූ වගකීම, බහු පාර්ශ්වික පාරිසරික ගිවිසුම් බලාත්මක කිරීම සඳහා දේශීය නීති සැකසීම, මූලික පාරිසරික පරීක්ෂණයේදී හා පාරිසරික බලපෑම් ඇගයීමේදී පාරිසරික තත්ත්වයන් පිළිබඳ අවධානය යොමු කිරීම, පරිසර ආරක්ෂණ බලපත්‍ර අවශ්‍ය නොවන ක්‍රියාකාරකම්වලින් සිදුවන පරිසර දූෂණය වැළැක්වීම, වර්තමානයේ බලාත්මක පනත මගින් තහනම් කරන ලද යම් භාණ්ඩයක් හෝ උපකරණයක් අත්අඩංගුවට ගැනීමේ බලය හා විනාශ කිරීමේ බලය ලබාගැනීම සහ පාරිසරික සභාව සඳහා සාමාජිකයින් වැඩි කිරීම යනාදී කරුණුද ඇතුළත් කරමින් 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනත සංශෝධනය කිරීම පිණිස මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යතුමා වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.