• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
රාජ්‍ය නිලධාරින්ගේ ඇඳුම
- රාජ්‍ය පරිපාලන විෂය පැවරී ඇති අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ආයතන සංග්‍රහය මඟින් පැවරී ඇති බලතල අනුව රාජ්‍ය නිලධාරින්ගේ ඇඳුම පිළිබඳ චක්‍රලේඛනයක් 2019-05-29 දින නිකුත් කරනු ලැබ තිබේ. එසේ වුවද එම චක්‍රලේඛනය ක්‍රියාත්මක කිරීම පිළිබඳ රාජ්‍ය පරිපාලන විෂය භාර අමාත්‍යවරයා වෙත ඉදිරිපත් වී ඇති විවිධ නියෝජනයන් සලකා ඉහත චක්‍රලේඛනය සංශෝධනය කිරීමට යෝජනාවී තිබේ. ඒ අනුව රාජ්‍ය නිලධාරින් රාජකාරි වේලාව තුළ සිය කාර්යාල පරිශ්‍රය තුළ‍ට පැමිණීමේදී පිරිමි නිලධාරින් කලිසම හා කමිසය හෝ ජාතික ඇඳුමින් සැරසී සිටිය යුතු අතර, කාන්තා නිලධාරිනියන් සාරිය, ඔසරිය හෝ රාජ්‍ය සේවයේ ගෞරවය රැකෙන අයුරින් සුදුසු සංවරශීලී ඇඳුමකින් සැරසී සිටිය යුතු බවත් සැම විටම නිලධාරිනියගේ මුහුණ නිරාවරණය වී තිබිය යුතු අතර, මහජන ආරක්ෂාව සම්බන්ධයෙන් පනවා ඇති විධිවිධානවලට බාධාවක් නොවන ඇඳුමක් විය යුතු බවත් යනාදී විධිවිධාන ඇතුළත් කරමින් චක්‍රලේඛන උපදෙස් නිකුත් කිරීම පිණිස රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග්‍රාමිය ආර්ථික කටයුතු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.