• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
ඉදිරි මාස අටක (08) කාලයක් තුළ ඩීසල් සහ පෙට්‍රල් ආනයනය කිරීම සඳහා දිගු කාලීන කොන්ත්‍රාත්තුවකට එළඹීම
- 2019-07-15 සිට 2020-03-14 දක්වා ඉදිරි මාස අටක (08) කාලයක් සඳහා අවශ්‍ය ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.001) බැරල් 420,000ක්, ඩීසල් (උපරිම සල්පර් ප්‍රතිශතය 0.05) බැරල් 1,040,000ක් සහ පෙට්‍රල් (92UNL) බැරල් 1,084,000 ආනයනය කිරීම සඳහා වන දිගු කාලීන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සිංගප්පූරුවේ M/s Vitol Asia පුද්ගලික සමාගම වෙත පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.