• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
නැ‍ඟෙනහිර පළාතේ කිලෝමීටර 845.83ක මාර්ග සංවර්ධනය කිරීම
- ග්‍රාමීය ප්‍රදේශ සහ සමාජ ආර්ථික මධ්‍යස්ථාන අතර ප්‍රවේශ මාර්ග වැඩිදියුණු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වන දෙවන ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන යටතේ නැ‍ඟෙනහිර පළාතේ අම්පාර දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘති පැකේජ 05ක් යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර 408.62ක්, වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම, මඩකලපුව දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘති පැකේජ 03ක් යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර 221.28ක් වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළ ව්‍යාපෘති පැකේජ 03ක් යටතේ ග්‍රාමීය මාර්ග කිලෝමීටර 215.93ක් වැඩිදියුණු කිරීම හා නඩත්තු කිරීමට නියමිතය. ඒ අනුව අම්පාර දිස්ත්‍රික්කය සඳහා වන කොන්ත්‍රාත්තු පැකේජ 01 හා 02 වන කොන්ත්‍රාත්තු, M/s NEM ඉදි කිරීම් සමාගම වෙතත්, පැකේජ 03 සඳහා වන කොන්ත්‍රාත්තුව, M/s AMSK - CHEC සමඟ ඇති කරගත් බද්ද ව්‍යාපාරය වෙතත්, පැකේජ 04 සඳහා වන කොන්ත්‍රාත්තුව, සීමාසහිත මාගා ඉංජිනියරින් පුද්ගලික සමාගම වෙතත්, පැකේජ 05 සඳහා වන කොන්ත්‍රාත්තුව, සීමාසහිත නවලෝක කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම වෙතත් මඩකලපුව දිස්ත්‍රික්කයේ පැකේජ 01 හා 02 සඳහා වන කොන්ත්‍රාත්තු, චීනයේ Chongqing International Corporation (China) විසින් Sun Constructions සමඟ ඇති කරගත් බද්ද ව්‍යාපාරය වෙතත්, පැකේජ 03 සඳහා වන කොන්ත්‍රාත්තුව, සීමාසහිත නවලෝක කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම වෙතත්, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පැකේජ 01 හා 03 සඳහා වන කොන්ත්‍රාත්තු, එඩ්වඩ් ඇන්ඩ් ක්‍රිස්ටි ආයතනය වෙත සහ පැකේජ 02 සඳහා වන කොන්ත්‍රාත්තුව, සීමාසහිත මාගා ඉංජිනියරින් සමාගම වෙතත් අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි පිරිනැමීම පිණිස මහාමාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.