• Increase font size
  • Default font size
  • Decrease font size

2019-06-25 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය පිලිබඳ මාධ්‍ය ප්‍රකාශය
සුඛිත පුරවර නගර සංවර්ධන වැඩ සටහන අඛණ්ඩව පවත්වාගෙන යාම සහ නව ව්‍යාපෘති සඳහා උපදේශන සේවා පත් කිරීම
- සුඛිත පුරවර නගර සංවර්ධන වැඩ සටහන් යටතේ ආරම්භ කර මේ වන විට අවසන්ව නොමැති ව්‍යාපෘති අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් මීට පෙර අනුමැතිය ලබා දෙන ලදී. මෙම ව්‍යාපෘතිය යටතේ 2017 වර්ෂයේදී ආරම්භ කර ඇති මහර වාණිජ සංකීර්ණය ඉදි කිරීම, හැටන් දුම්රිය ස්ථානයේ යටිතල පහසුකම් සැලසුම් කිරීම හා ඉදි කිරීම, අවිස්සාවේල්ල මනමේන්ද්‍ර පාර වැඩිදියුණු කිරීම, සුමනකීර්ති මහ පිරිවෙනේ යෝජිත මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම, මීවිතිගම්මන නාලිකාරාමයේ යෝජිත මහල් ගොඩනැඟිල්ල ඉදි කිරීම, රත්නපුර සබරගමුව සමන් මහා දේවාලයේ යටිබිම් රැහැන් ඉදි කිරීම, ඇඹිලිපිටිය කාවන්තිස්ස වැව නාගරික උද්‍යානය, කළුතර පොදු වෙළඳපොළ ඉදි කිරීම, අනුරාධපුර පූජා නගරයේ සනීපාරක්ෂක පහසුකම් සැලසීම, මුලතිව් යටිතල පහසුකම් සංවර්ධනය, කුබිච්චම්කුලම වැව විනෝදාස්වාද ප්‍රදේශය සකස් කිරීම, කොට්ටාව තලගල පාර සංවර්ධනය සහ කිරිමණ්ඩල මාවත සංවර්ධනය යන ව්‍යාපෘතිවල සිදු කිරීමට නියමිත අදියරයන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පහසුකම් සැලසීම පිණිස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.